නිරීක්ෂණය..
අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නායයෑමට ලක්වු සහ නායයෑමේ අවදානම් සහිත ස්ථාන සම්බන්ධයෙන් සොයාබැලීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මෙම නායයෑම් අවදානම් මතුවිය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ජනරාල් අචාර්ය ආසිරි කරුණාරත්න ඇතුළු පිරිසක් මෙම නිරීක්ෂණ සඳහා සහභාගී විය.