
සංචාරක එංගලන්ත කණ්ඩාම සහ හ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබේ.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ පැවති එම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබාදුන්නේය.
ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දු වාර 15ක් තුළ දී කඩුලු 02ක් දැවී ලකුණු 92ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණි.
දිගින් දිගටම වර්ෂාව පතිතවීම හේතුවෙන් තගෙය අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය.
දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අනිද්දා දින දඹුල්ලේදී පැවැත්වීමට නියමිතයි.





















































