header logo
SLIC
උණුසුම් පුවත්
රුසියානු ජනපතිගෙන් මෛත්‍රී ට පිළිතුරු ලිපියක්
Jun 23, 202207:23 AM
රුසියානු ජනපතිගෙන් මෛත්‍රී ට පිළිතුරු ලිපියක්
EDEX

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය ජුනි මස 05 වන දින රුසියානු ජනාධිපතිවරයා වෙත යොමුකරන ලද ලිපියට පිළිතුරු ලිපියක් මෙලෙස රුසියානු ජනාධිපතිවරයා විසින් ඒවා ඇති බව වාර්තා වේ.

එරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් ඇති වී තිබු මතභේදාත්මක තත්ත්වය සමතයකට පත් කිරීමේ අරමුණින් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුසියානු ජනාධිපතිවරයාට අදාළ ලිපිය යොමුකර තිබු අතර රුසියානු ජනාධිපතිවරයාගේ පිළිතුරු ලිපිය රුසියානු තානාපති යුරී මැටෙරි මහතා විසින් ඊයේ (22) දිනයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී තිබේ.

අදාළ ලිපියේ අන්තර්ගත කාරණ පිළිබදව ඉතා ඉක්මනින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කොට සාධනීය පිළිතුරක් රුසියානු රජයට ලබාදීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදි රුසියානු තානාපතිවරයාට ප්‍රකාශ කර ඇත.

මෙරට තෙල් අර්බුදය සහ පොහොර් අර්බුදය විසඳීම සඳහා ඉතා සාධනීයව සලකා බැලීමට හැකිවන අතර ඒ සඳහා ශ්‍රී ලංකා පාර්ශවයේ යහපත් මැදිහත්වීමක් තවමත් දක්නට නොලැබෙන බව රුසියානු තානාපතිවරයා එහිදි ප්‍රකාශ කර තිබේ.

මේ අතර මෙරට චීන තානාපති කිවු ෂෙන්ග් හොංග් මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් ඊයේ පවත්වා ඇති බව වාර්තා වේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති අදාළ හමුවේ දී ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්ත්වය යන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.

ශ්‍රී ලංකාව දැනට පත්ව ඇතිආර්බුදයෙන් ගොඩඒම සඳහා හැකි සෑම උපකාරයක්ම ලබාදෙන බව චීන තානාපතිවරයා එහිදි ප්‍රකාශ කර ඇත.

මේ අතර චීන තානාපති කියු ෂෙන්ග් හොංග් සහ සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතර ද විශේෂ සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබේ.

චීන ආධාර, වෘත්තිය නිපුණතා පුහුණුව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදි අවාධානය යොමුව ඇති බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට