
ඊයේ පැවති ජර්මන් මහ මැතිවරණයේ මූලික ප්‍රතිඵල අනුව එරට සමාජවාදී ආණ්ඩුවක් බිහිවීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මූලික ප්‍රතිඵල අනුව වමට බර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තියුණු ජයක් වාර්තා කර ඇති බව සඳහන් විය.
ඒ අනුව චාන්සලර් ධූරයෙන් නික්මයන ඇන්ජෙලා මර්කල් ගේ පක්ෂයට දෙවැනි ස්ථානය හිමිව ඇත.
සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මේ වනවිට ප්‍රකාශිත ඡන්දවලින් 25.7%ක් හිමිකරගෙන සිටින අතර කොන්සර්වෙටිව් CDU/CSU සන්ධානය 24.1%ක ප්‍රතිශතයක් හිමිකරගෙන තිබේ.
මේ අතර ජර්මන් දේශපාලන පොර පිටියේ ඉදිරියට එමින් සිටින පක්ෂය ලෙස සැලකෙන ග්‍රීන්ස් (Greens) පක්ෂය ලබාගෙන ඇති ප්‍රතිශතය 14.8%කි.
ඒ අනුව ජර්මනියේ පාලනය ලබාගැනීමට නම් මෙම පක්ෂ අතර හවුල් සන්ධානයක් බිහිවීම නොවැලැක්විය හැකි බව දේශපාලන අංශ පැවසීය.





















































