header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
කොවිඩ් මළ සිරුරු ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මතය
Jan 02, 202107:03 PM
කොවිඩ් මළ සිරුරු ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මතය
Mobitel 1278

දැනට පවතින විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව කොවිඩ් ආසාදිත මළ සිරුරු ශ්‍රී ලංකාවේ භූමදානය කිරීමට අවසර දිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කෙසේවෙතත් සබරගමුව විශ්වවිද්‍යාලයේ පාංශු හා පාරිසරික විද්‍යාව පිළිබද විශේෂඥ , මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා පවසන්නේ කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමෙන් අනාගතයේදී භයානක තත්ත්වයක් උද්ගත විය හැකි බවය.

කොවිඩ් ආසාදිත මළ සිරුරුවල අවසන් කටයුතු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඊයේ නිකුත් කර තිබුණි.

එහි සඳහන් වන්නේ පසුගිය දෙසැම්බර් 31 වැනිදා සියලු ක්ෂේත්‍රවල වෛද්‍ය විශේෂඥයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී දැනට පවතින විද්‍යාත්මක සාක්ෂි මත කරුණු කිහිපයක් නිරීක්ෂණය කළ බවය.

එම කරුණු වන්නේ ,

1.කොවිඩ් ආසාදනය සිදුවන්නේ ශ්වසන මාර්ගයෙන් පමණක් බවත් ආමාශ ආන්ත්‍රික ද්වාරය ඇතුළුව වෙනත් මාර්ග හරහා එය ආසාදනය වූ බවට වාර්තා වී නැත.

2.වෛරසය වර්ධනය විය හැක්කේ ජීව සෛලයක් තුළ පමණක් බැවින් මළ සිරුරක් තුළ ආසාදිත තත්ත්වයෙන් එය සැලකිය යුතු කාලයක් සඳහා පැවතිය නොහැක.

3. පශ්චාත් මරණ පරීක්ෂණයකදී සිදුකළ PCR ප්‍රතිඵල ධනාත්මක වුවද මළ සිරුරෙන් වෛරසය ව්‍යාප්ත වන බවට නිශ්චිත අදහසක් ඇති නොවේ.

4.භූමදාන කළ මළ සිරුරුවලින් ඇති විය හැකි ජල දූෂණයට වඩා ආසාදිත රෝගීන්ගේ බහිස්ස්‍රාවීය ද්‍රව්‍යයන් හා අපද්‍රව්‍ය මගින් වඩාත් දරුණු ලෙස ජලය දූෂණය විය හැකිය.

5. භූගත ජලයෙන් වෛරස් අංශු අවස්ථා කිහිපයකදී හමුවූ බව වාර්තා වුවත් එම වෛරස ආසාදිත තත්ත්වයේ ඇති බවට වාර්තා වී නැත. මින් පෙර වාර්තා වූ ඉන්ෆ්ලුවෙන්සා සහ SARS වැනි වෛරස් සම්බන්ධයෙන් කළ ගැඹුරු අධ්‍යයනවලදී පවා එවැනි ආසාදන පිළිබඳ වාර්තා නොමැත.

6.ඩෙන්මාර්කයේ ඝාතනය කර භූමදානය කළ මුගටියන් නැවත ගොඩගෙන ඇත්තේ වෛරසය මගින් ජල මූලාශ්‍ර දූෂණය වීමක් නිසා නොව, දිරාපත් වන මුගටියන්ගේ මළ සිරුරුවලින් නයිට්‍රජනීය අපද්‍රව්‍ය පරිසරයට සහ ජලයට එක්ව එම මුලාශ්‍ර දූෂණය විම නිසාය.

7.ජලය ආශ්‍රිතව බෝවන කොළරාව වැනි දරුණු රෝගවලදී පවා මළ සිරුරු භූමදානය කෙරේ.

ඒ අනුව මෙම විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව කොවිඩ් ආසාදිත මළ සිරුරු ශ්‍රී ලංකාවේ භූමදානය කිරීමට අවසර දිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සිය නිවේදනයෙන් පවසයි.

කෙසේවෙතත් කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමෙන් අනාගතයේදී භයානක තත්වයක් උද්ගත විය හැකි බව සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු හා පාරිසරික විද්‍යාව පිළිබද විශේෂඥ , මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා පවසයි.

“මොනම හෝ අවස්ථාවක සැකසහිතව අවධානමක් අරගෙන තීරණ ගත්තොත් එහි ප්‍රතිවිපාක දැනට ඉන්න පරම්පරාවට විතරක් නෙමෙයි, සමහර විට මීට අවුරුදු 100කට 200කට නෙමෙයි අවුරුදු 10,000කට එහා පැත්තේ පරම්පරාවට වුණත් මේකේ පීඩාව අත්වෙන්න පුළුවන්. ඒ නිසා අපි කල්පනාකාරී වෙන්න ඕනේ මේ වසංගත හදන ක්ෂුද්‍රජිවින් එක්ක වැඩකරන කොට කොවිඩ් - 19 වෛරසය ගැන හරියට පරීක්ෂණ කරන්නවත් විද්‍යාඥයින්ට තාම අවස්ථාව ලැබිලා නැ. දැන් තමයි විද්‍යාඥයෝ මේ ගැන පරීක්ෂණ කරන්නේ. ආදාහනය කරොත් අපි දන්නවා මේ ව්‍යාධිජනක වෛරසය සියයට සියයක්ම විනාශ වෙනවා. භූමදානය කරොත් මේක සියයට සියයක් විනාශ වෙනවා ද කියන එක ලෝකයේ කොහේවත් සොයා ගෙන නෑ. මේකේ තියෙන භයානක කම තමයි ඕනැම වෛරසයකට පොළොවට ගිහින් නිද්‍රාශීලිව අවුරුදු මිලියන ගණනක් ඉන්න පුළුවන් කියලා ලෝකයේ සොයා ගෙන තියෙනවා. එහෙම උදාහරණ තියෙනවා. ඊට පස්සේ මේක විනාශකාරී භයානක ඉරණමක් අත්කර දෙන්න පුළුවන්.“

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

 මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

 මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයන් ජනපති හමුවෙයි

ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයන් ජනපති හමුවෙයි

ඔයා දුන්න ඔක්කොම රිවස් නේද? "මම ඒවා ව්‍යවස්ථානුකූලව දීලා තියෙන්නේ"

ඔයා දුන්න ඔක්කොම රිවස් නේද? "මම ඒවා ව්‍යවස්ථානුකූලව දීලා තියෙන්නේ"

වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

 තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

 නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

 fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

Lassana Flora
Spotlight
පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana