
අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයේ කිසිඳු වෙනසක් සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අද (01) පෙරවරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඇතැම් විද්‍යුත් මාධ්‍ය සහ වෙබ් අඩවිවල ප්‍රචාරණය වන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය.
2020 වසරේ අපොස උසස් පෙළ සඳහා මුහුණ දීමට සිටින කිසිඳු සිසුවෙක් හෝ ශිෂ්‍යාවක් ඒ සම්බන්ධයන් සැකයක් තබා නොගතයුතු අතර අධ්‍යන කටයුතුවල කිසිඳු අතපසුවීමක් සිදු නොකළ යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.





















































