
කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසයට එරෙහි සටන වෙනුවෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් කාන් විසින් අගමැති සහන අරමුදලක් හා තරුණ බලකායක් පිහිටුවීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොරෝනා මර්දන සටන එකමුතුව හා විචක්ෂණශීලව සිදුකිරීමට අවශ්‍ය බව අවධාරණය කරන පාකිස්තාන අගමැතිවරයා ඒ සඳහා මෙම අරමුදල හා තරුණ බලකාය පිහිටුවීමට කටයුතු කර තිබේ.
ඔහු විසින් පසුගිය සඳුදා දිනයේ මෙම සහන අරමුදල හා තරුණ බලකාය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ලොව පුරා 30000කට අධික කොරෝනා මරණ වාර්තා වී ඇති පසුබිමකයි.
එරට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජාතිය අමතමින් ඔහු ජනතාව ගෙන් ඉල්ලා සිටියේ කොවිඩ්-19 සඳහා වූ අරමුදලට සියලු දෙනාගේම නොමසුරු දායකත්වය ලබා දෙන ලෙසටයි.
ඒ සදහා එරට ජාතික බැංකුවේ ගිණුමක් ආරම්භ කර ඇති අතර අප්‍රේල් මස 1වන දින සිට එය ක්‍රියාත්මක බව දන්වා ඇත.
මේ ඔස්සේ ලැබෙන මුදල කොරෝනා හේතුවෙන් පීඩාවට පත් දුප්පතුන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට කටයුතු කරන බවද ඔහු පවසා ඇත.
එසේම "corona tiger force" හෙවත් කොරෝනා වෛරසයට එරෙහි තරුණ බලකාය මඟින් ද පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන බව පාකිස්ථාන අගමැතිවරයා පෙන්වා දී තිබේ.
එමඟින් පීඩාවට පත් දිළිඳු පවුල් වෙත ආහාර හා අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ ක්‍රියාවලිය , එසේම දැනුවත් කිරීම්, හා කොරෝනා සටනට එරෙහිව රජයට හා ආයතනවලට සහය දැක්වීමට ක්‍රියා කල හැකි බව අගමැතිවරයා පෙන්වා දී ඇත.
මෙම බලකාය සඳහා වෛද්‍ය , හෙද හෙදියන් ඇතුළු තරුණ ප්‍රජාවට එක්විය හැකි බව පාකිස්ථාන අගමැති ඉම්රාන් කාන් ප්‍රකාශ කර ඇත.
මෙම බලකායේ සියලු සම්බන්ධීකරණ කටයුතු අගමැති කාර්‍යාලය හරහා සිදුවන බවත් අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.





















































