
කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් වාර්තාවීම ඉහලයාම සැලකිල්ලට ගනිමින් ඉන්දියාවේ දිල්ලි නුවර පිහිටි ජවහර්ලාල්නේරු ක්‍රිඩාංගණය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරිමට තීරණය කර තිබේ.
ආසාන 60,000කින් සමන්විත එම ක්‍රිඩාංගණය නිරෝධායන කටයුතු සඳහා යොදා ගැනිමට ප්‍රාන්ත බලධාරින් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මීට අමතරව එරට උතුරුදිග ප්‍රාන්තයක් වන හර්යානා ප්‍රාන්තයේ සහ පංජාබ් ප්‍රාන්තයේ ද ක්‍රිඩාංගණ කිහිපයක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනිමට තීරණය කර ඇති බව සදහන්.
ඉන්දියාවේ ජයගහණයට සාපේක්ෂව සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල පවතින හිඟය හේතුවෙන් කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් එරටට දැඩි බලපෑම්ක් ඇති වනු ඇති බව විදෙස් විචාරකයින් පෙන්වා දෙයි.





















































