
නව කොරෝනා ව්‍යාප්තිය පාලනයට දැඩි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් සිටින අසල්වැසි ඉන්දියාවෙන් ද ආසාදිතයින් 1,250ක් වාර්තා වෙයි.
ඊයේ දිනයේදී එරටින් මරණ 5ක් වාර්තා වූ අතර නව ආසාදිතයින් 227ක් හඳුනා ගැණුනේ වෛරසය වැඩි වශයෙන්ම ව්‍යාප්ත වූ දිනය සනිටුහන් කරමින්.
මේ අතර ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සමීපයේ මුස්ලිම් ජනාවාසයක රැස්ව සිටි පිරිසක් එම කලාපයෙන් ඉවත්කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඒ ඔවුන් ඇඳිරිනීති කාලසීමාවේදීත් රැස්ව, ආගමික කටයුතු සදහා රැස්වෙන බවට චෝදනාකරමින්.
මේ අතර නව කොරෝනා ව්‍යාප්තියෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඊජිප්තුවේ පිහිටි ලෝ ප්‍රකට ගීසා හි පිරමීඩය ආලෝක රටාවලින් හැඩකිරීමට කටයුතු කර තිබුණේය.





















































