
නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන පුද්ගලයින්ට සිර දඩුවම් නියම කිරිමට දකුණු කොරියානු රජය තීරණය කර තිබේ.
මෙම නව නීතිය ලබන අප්‍රේල් මස 05 වනදා සිට ක්‍රියාත්මක කිරිමට ඔවුන් සැලසුම් කර ඇත.
ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට වසරක සිරදඬුවමකට සහ එරට මුදලින් මිලියන 10ක දඩයකට යටත්වීමට සිදු වනු ඇති.
දකුණූ කොරියාවෙන් මේ වන විට කොවින් නයින්ටීන් වෛරස ආසාදිතයින් 9786ක පිරිසක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 162ක්.





















































