
කිසිදු අන්තවාදී පුද්ගලයෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරය හා සම්බන්ධ වී නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසයි.
අද (16) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මෙම අදහස් පල කළේය.
මෙම මාධ්‍ය හමුව සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පලකරන කලාකරුවන් පිරිසක් ද එක්ව සිටි අතර එහිදී අදහස් දැක්වූ ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න,ගයාන් වික්‍රමතිලක සහ රජිත හිරාන් යන මහත්වරුන් අදහස් දැක්වීය..
එහිදි අදහස් දැක්වු රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා පැවසුවේ අද වනවිට රටට අවශ්‍ය කරන්නේ දේශපාලනඥයෙකු නොව රටේ සම්පත්වලින් ප්‍රයෝජනයක් ගතහැකි නායකයෙකු බවයි.
නායකයෙක් යනු යථාර්ථය දකින්නෙක් බවත් ඒ සඳහා මිනිස්සුන්ගේ කකුල් ළඟට යෑමට අව්‍යශ නොමැති බවත් ඒ මහතා පැවසීය.
ගෝඨාභ රාජපක්ෂ මහතා සතුව එම ගුණාංග තිබෙන බවත් තෝරාගත යුතු එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා පමනක් බවත් රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා වැඩිදුරත් පැවසීය.
එහිදි අදහස් දැක්වු රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක මහතා පැවසුවේ ජනාව හිඟාකන සිස්ටම් එක අනවශ්‍ය බවත් අවශ්‍ය වන්නේ ආර්ථිකය ගොඩනගා ලැනීමට බවත්ය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ එම ලක්ෂ දකින බවක් ඒ තුල සැලසුම් සහ හික්මීමක් තිබේන බවද ඒ මහතා පෙන්වා දෙයි.
2020 යනු කඩඉමක් බවත් ජාතික වගකීමක් තිබේන බව හැගෙන බැවින් තමන් ඇතුළු පිරිස මේ සඳහා මැදිහත් වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

















































