රොනාල්ඩෝගේ ගෝල 4න් පෘතුගාලයට විශිෂ්ට ජයක්

රොනාල්ඩෝගේ ගෝල 4න් පෘතුගාලයට විශිෂ්ට ජයක්

September 11, 2019   12:24 pm

සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තා කළ ගෝල හතරක් හේතුවෙන් යුරෝපානු චැම්පියන්ෂිප් තරගාවලියේ ඊයේ(10) පැවති තරගයකදී විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට පෘතුගාලය සමත් විය.

ඒ ලිතුවේනියාව පරාජය කරමින්.

2020 වසරේ පැවැත් වීමට නියමිත යුරෝපානු චැම්පියන්ෂිප් තරගාවලියේ මූලීක වටයේ තරග මේ දිනවල පැවැත්වෙයි.

ඊයේ එක් තරගයක් පැවැත්වුණේ තුගාලය සහ ලිතුවේනියාව අතරයි.

තරගයේ පළමු අර්ධයේදීම රොනාල්ඩෝ තම කණ්ඩායම වෙනුවෙන් දඩුවම්පහරක් සාර්ථක කර ගත්තේය.

ඊට පිළිතුරු ලෙස ලිතුවේනියාවෙන්ද 28 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළ අතර පළමු අර්ධය ගෝල 1 ට 1 ක් ලස සම තත්වයෙන් අවසන් විය.

තරගයේ දෙවන අර්ධය ආරම්භයත් සමඟ සුපිරි දස්කම් දැක්වූ රොනාල්ඩෝ ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ අතර පාපන්දු දිවියේ ඔහු වාර්තා කළ අටවන ගෝල ත්‍රිත්වය එය වෙයි.

ඒ සමඟ ගෝල 5 ට 1 ක් ලෙස තරගයේ ජය වාර්තා කිරීමට පෘතුගාලය සමත් විය.