
තුන්කොන් විස්සයි විස්ස තරගාවලියට ක්රීඩා කරන බංග්ලාදේශ සංචිතය ඊයේ(09) නම් කළේය.
මෙම තුන්කොන් තරගාවලියට සහභාගී වන්නේ ඇෆ්ගනිස්තානය,සහ සිම්බාබ්වේ කණ්ඩායම්.
තුන්කොන් විස්සයි විස්ස තරගාවලියට නම් කළ සංචිතයෙන් මෙහිදි හසන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මෙහිදි හසන් ශ්රී ලංකාව සමඟ පැවති එක්දින තරගාවලියේදී දවා ගත්තේ කඩුළු දෙකක් පමණක් වන අතර පසුගිය දෙසැම්බර් මාසයේ බංග්ලාදේශයේදී පැවති කොදෙව් විස්සයි විස්ස තරගයේදීද ඔහුට සුපුරුදු දක්ෂතා දැක්වීමට හැකි වුණේ නැහැ.
මේ නිසා මෙම තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේදී ඔහු විවේක ගැන්වීමට බංග්ලාදේශ තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
එළඹෙන වසරේ ඔස්ට්රේලියාවේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට නවක ක්රීඩකයන් කිහිපදෙනෙක් හඳුන්වාදීමද බංග්ලාදේශ බලධාරීන්ගේ අරමුණ වු බවයි විදෙස් මාධ්ය වාර්තා කරයි.
එමනිසා නවක ක්රීඩකයෙක් සංචිතයට නම් කර ඇති අතර මොහොමඩ් සයිෆුදීන් ආබාධ තත්වය සුවවීමෙන් අනතුරුව නැවතත් සංචිතයට කැඳවා තිබේ.



















































