
පාකිස්ථාන තරග සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්නට ලබාදී ඇත.
විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට ලබාදී ඇතිබව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය.
එක්දින කණ්ඩායමේ නිත්‍ය නායක දිමුත් කරුණාරත්න මෙන්මවිස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය නායක ලසිත් මාලිංග පාකිස්ථාන තරග සංචාරය ප්‍රතික්ෂේපකිරීම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකර තිබේ.
ඔවුන් දෙදෙනාට අමතරව නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්පෙරේරා, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්සහ දිනේෂ් චන්දිමාල් පාකිස්ථාන සංචාරය ප්‍රතික්ෂේප කළ සෙසු ක්‍රීඩකයින් වේ.
ඒ අනුව එම ක්‍රීඩකයින් නොමැතිව පාකිස්ථාන තරඟ සංචාරයටඑක්වන ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය ලබන 27 වනදා ආරම්භ කිරීමටසැලසුම් කර ඇති අතර තරඟාවලිය එක්දින තරඟ 3 කින් සහ විස්සයි විස්ස තරග 3 කින් සමන්විතයි.



















































