
එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා විය යුතු බව මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් පාලන නියෝජිතයින් පවසයි.
අද(13) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා විය යුතු බවට යෝජනාවක් සම්මත කර ගැනීමට මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් පාලන නියෝජිතයින් අද කටයුතු කළේය.
පසුව එහිදී එම නියෝජිතයින් අත්ඔසවා ඡන්දය ප්‍රකාශ කළ බව අද දෙරණ වාර්තකරු පැවසීය.





















































