header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
අරුවක්කාලූ කසළ අංගනය ඉදිකර ඇත්තේ විද්‍යාත්මකවමයි
Aug 13, 201905:00 PM
අරුවක්කාලූ කසළ අංගනය ඉදිකර ඇත්තේ විද්‍යාත්මකවමයි
Mobitel 1278

අරුවක්කාලු සනීපාරක්ෂක කසළ බැහැර කිරීමේ අංගනය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සමාජ විශේෂඥ නිමල් ප්‍රේමතිලක මහතා පවසයි.

අද(13) පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

එහිදී කසළ කළමනාකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් අදහස් දැක්වූ සමාජ විශේෂඥ නිමල් ප්‍රෙමතිලක මහතා මේ බව පැවසීය.

“ලංකාවේ කසළ ගැටළුව වසර 40 ක පමණ සිට පැවත එන්නක්. මෙම ගැටළුව විද්‍යාත්මක විසඳුම් සෑම අවස්ථාවකදීම සුපුරුදු සටන් පාඨය වූ කොළඹ කුණු අපට එපා කියන සටන් පාඨය හේතුවෙන් මෙය කරන්න බැරි උනා.

හොඳම උදාහරණය තමයි ආසියානු සංවර්ධන බැංකු ආධාර මත මීපේ ප‍්‍රදේශයේ ඇතිකරන්න ගිය විද්‍යාත්මක කසළ රඳවනය. එය සිදු කරන්න දුන්නේ නැහැ.

ඉන් පසු වග ප‍්‍රදේශයේ සිදු කරන්න ගිය කසළ රඳවනය එය කරන්න දුන්නෙත් නැහැ. එහි ප‍්‍රතිඵලයක් ලෙස බ්ලූමෙන්ඩල්වල, මීතොටමුල්ලේ කුණු කඳු ගොඩගැසුනා. අවසානයේදී ජීවිත 32 ක් බිලිගත්තා.

අවසානයේදී මෙම ගැටළුව විසඳන්න අපේ අමාත්‍යාංශයට ලබා දුන්නා. අපි ඒ සඳහා විද්‍යාත්මක විසඳුමක් ලබාදෙනු ලැබුවා. කොළඹ නගර සභාව තමයි මෙයට වගකිවයුතුම ආයතනය.

ඔවුන් තමයි අවසාන විසඳුම් යෝජනා කළ යුත්තේ. පනතේ බලතල ඔවුන්ටයි තිබෙන්නේ. අවසාන බැහැර කිරීම සනීපාරක්‍ෂකව සිදු කළ යුතු බවට නෛතිකව බලය තිබෙන්නේ ඔවුන්ට.

ඔවුන් ඒ සඳහා විසඳුමක් ලබා නොදුන් නිසා අපේ අමාත්‍යාංශයට මෙය භාරගන්න සිදු උනා. නමුත් කියන්න කණගාටුයි ඒ කිසිම ආයතනයක් මේ අරුවක්කාලූ සනීපාරක්‍ෂක කසළ රඳවනය වැදගත්කම, වටිනාකම ගැන එක මාධ්‍ය සාකච්ඡාවක්වත් තියලා නැහැ.

ඔවුන්ටයි මේ ප‍්‍රශ්නය දැනෙන්නේ. ඒ නිසා අපි හිතනවා දැන්වත් ඔවුන් සනීපාරක්‍ෂක කසළ රඳවනයකට අවශ්‍යතාවය, රටට, කොළඹට කොතරම් වැදගත්ද?, පසුගිය සති කිහිපයේ අපි අත්දැක්කේ එය හරියට නොකළ නිසා ඇති වූ ප‍්‍රතිථළ.

පසුගිය කාළේ මාධ්‍යවලින් අපි දැක්කා කොළඹ නගර සභාවට සත පහක්වත් වියදම් උනේ නැහැ කියලා ප‍්‍රකාශ නිකුත් කරනවා. මේ සම්බන්ධව ලංකාවේ පුරවැසියෝ කියවිය යුතු වාර්තාවක් තිබෙනවා මීතොටමුල්ලේ නාය ගියාට පසුව මේ සම්බන්ධව ජනාධිපති කොමිසන් සභාවක් පිහිටෙව්වා.

ඒක 46 දෙනෙක් සාක්කි දෙනු ලැබුවා. එහි වාර්තාවක් නිකුත් උනා. එම වාර්තාවේ පැහැදිලිව කියනවා වියදම් වූ මුදල් ගැන. 2007ඉඳලා කසළ අවසන් බැහැර කරන්න ඒ කාළේ වියදම් කරලා තිබෙනවා මිලියන 256 ක් විතර වියදම් කරලා තිබෙනවා.

ඒ ආදී වශයෙන් හිස් ඉඩම්වලට කසළ බැහැර කරන්න අති විශාල මුදලක් වියදම් කරල තිබෙනවා. හැබැයි ඒ අය කියනවා විශාල මුදලක් වැය වෙනවා කියලා අරුවක්කාලූ කසළ අංගනයට ගිහින් බැහැර කරන්න.

ගමනා ගමනයට වියදමක් යනවා තමයි, නමුත් මුඩුබිම්, පහත්බිම් විනාශ කරමින් මේක අතහැරලා එන්න සෑහෙන මුදලක් වියදම් කර තිබෙනවා.

බ්ලූමෙන්ඩල්වලට බැහැර කරන කාළේ තමයි එතරම් අති විශාල මුදලක් වැය කර තිබෙන්නේ. පසු කාලයේ මීතොටමුල්ල අක්කර දෙකකින් පමණ හිස් භූමියට කසළ බැහැර කිරීමේදී අඩු වියදමකින් පටන් ගෙන කන්ද වැඩිවෙන්න වැඩිවෙන්න විශාල ලෙස මුදල් වැය කිරීම සිදු කර තිබෙනවා.

උදාහරණයක් විදිහට 2015 දී කසළ ගෙනිහින් දැමීමට පමණක්, පඩි නඩි හැර මිලියන 215 ක් වියදම් කර තිබෙනවා. නමුත් මේ මුදල අරුවක්කාලූ කසළ රඳවනයට ගෙනිහින් දාන්න වියදම් වෙයි කියා අප සිතන්නේ නැහැ.

හුඟ දෙනෙක් චෝදනා කරනවා, කලපුවට කසළ අතහැරලා යනවා, භූගත ජලය විනාශ වෙනවා, ධිවර කර්මාන්තය ඉවරයි ආදී වශයෙන්. නමුත් මේ අරුවක්කාලූවේ ඒ හදපු විද්‍යාත්මක සනීපාරක්‍ෂක කසළ ව්‍යාපෘතිය ගැන100% ක් අපි වගකියනවා.“

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

 ඉහළ ගිය ඉන්ධන මිල රටටම දැනුන හැටි | “සුරංගනා කතා කොච්චර කියනවා ද? මිනිස්සු ෆුල් අසරණයි... "

ඉහළ ගිය ඉන්ධන මිල රටටම දැනුන හැටි | “සුරංගනා කතා කොච්චර කියනවා ද? මිනිස්සු ෆුල් අසරණයි... "

 ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී..  බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී.. බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

 ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

 අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ