header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
සතියකට එක් දිනක් සියලු පාසල්වල සන්නිවේදන කටයුතු ඉංග්‍රීසියෙන්
Aug 13, 201904:37 PM
සතියකට එක් දිනක් සියලු පාසල්වල සන්නිවේදන කටයුතු ඉංග්‍රීසියෙන්
Mobitel 1278

ගෝලීය අධ්‍යාපන ඉලක්ක ජයගත හැකි පරිදි මෙරට පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා ඉහළ නැංවීමට පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

ඒ අනුව, ජාතික අධ්‍යාපන ආයතනය මගින් ලබා දී ඇති විෂය මාලාව වඩාත් ඵලදායී ව භාවිත කරමින් ඉංග්‍රීසි භාෂාවට අදාළ ඉගෙනුම් සැලසුම් සකස්කර පන්ති කාමරයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරතවන ගුරුවරුන් සඳහා චක්‍රලේඛයක් සහ උපදෙස් සංග්‍රහයක් නිකුත් කිරීමට ද මේ වනවිට පියවර ගෙන ඇත.

එම උපදෙස් සංග්‍රහය අනුව ඉදිරියේ දී සිසුන්ගේ සන්නිවේදන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකිරීමට සතියකට එක් දිනක් සියලු පාසල්වල ඉංග්‍රීසි සන්නිවේදන දිනයක් ලෙස පැවැත්වීමට ද යෝජනා කර තිබේ.

පසුගිය වසර කිහිපය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාල විසින් පාසල් පද්ධතිය තුළ සිදුකරනු ලැබූ සුපරීක්ෂණ ක්‍රියාවලියේ දී ඉංග්‍රීසි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ හඳුනාගත් සංවර්ධනය විය යුතු ක්ෂේත්‍ර රැසක් නිරීක්ෂණයට ලක් වූ අතර, එම ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ඊට අදාළ ප්‍රතිකාර්ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් අනුව මේ වනවිට පියවර ගෙන ඇති වබ සඳහන්.

මීට අමතර ව, විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය හා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සමග එක් ව වඩාත් ඵලදායී ලෙස සිසුන් වැඩලෝකයට සූදානම් කළ හැකි පරිදි විෂය මාලා, පෙළ පොත්, සහ විභාග ක්‍රමවේදය සකස් කිරීමට ද යෝජනා කර තිබේ.

මේ දක්වා පාසල් මට්ටමෙන් නිසි ලෙස ක්‍රියාත්මක නොවූ සිසුන්ගේ ඉංග්‍රීසි කථන සහ ශ්‍රවන කුසලතා ඉගැන්වීම ඇගයීම සඳහා වැඩපිළිවෙළක් ද මේ වනවිට සියලු ම පළාත් වෙත හඳුන්වා දී ඇත.

ඒ අනුව, සියලු පළාත් ඉංග්‍රීසි සම්බන්ධීකාරකවරුන් සමග සාකච්ඡා කර පැමිණි එකඟතාවකට අනුව, විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය හා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ උපදේශකවරුන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් ශ්‍රවණ හා කථන ඇගයීම් නිර්ණායක සකස් කර සියලුම පළාත් වෙත මේ වනවිට ලබා දී ඇත.

ඒ අනුව, මේ වසරේ දෙවැනි පාසල් වාරයේ සිට දිවයිනේ සියලු පළාත්වල එම ඇගයීම් ක්‍රමය 6,7,8 ශ්‍රේණිවලට වාර පරීක්ෂණවල දී හඳුන්වා දී තිබේ.

ඉදිරියේ දී මෙම ඇගයීම් ක්‍රමය 11 ශ්‍රේණිය දක්වා පාසල් මට්ටමින් ඇගයීම් ලෙස ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂිත ය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

 ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ