අරුවක්කාලුව මීතොටමුල්ල කරන්න එපා-ලහිරු

අරුවක්කාලුව මීතොටමුල්ල කරන්න එපා-ලහිරු

August 13, 2019   04:22 pm

අරුවක්කාලුව මීතොටමුල්ල නොකරණ ලෙසට විශය භාර අමාත්‍යවරයාගේන් ඉල්ලා සිටින බව වෙනසක තාරුණ්‍යය සංවිධානයේ ජාතික කමිටු සාමාජීක ලහිරු විරසේකර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා වෙනසක තාරුණ්‍යය සංවිධානවේ සමාජිකයන් අද (13)  වනාතවිල්ලුව ප්‍රදේශයට පැමිණියේය.

මෙහිදි අදහස් දක්වු ලහිරු විරසේකර මහතා,

 “ අපි අද මේ විෂය භාර  ඇමතිවරයාට අපි කියනවා අරුවක්කාලුව මීතොටමුල්ලක් කරන්න එපා කියාලා .මොකද ඒදා මීතොටමුල්ල මිනිසුන් අත් වින්දා .

තාමත් ඉදිකරගෙන යන අරුවක්කාලු කසල අංගනයට බළධාරින් බලෙන් කසල දැමිම ආරම්භ කරලා මෙය බරපතල දෙයක් . අනික මේ වන විට මේ අවට වැටක් ගහලා අලි වැටක් ගහලා තිබේනවා .

ඇමතිවරයා කියනවා මේ ගෙනෙන කසල අලි ආකර්ශනය නොවන කුණු ගෙන එනබව  මොන තරම් විහිළු කතාද.

කොළඹ සිට අරුවක්කාලුවට ගෙන එන කසල ලොරියකට ලක්ෂයක් වැය වන බව නිළධාරින් පවසනවා . ඒ සමගම ඒ නිළධාරින්ම කියනවා මේ කසල වල තිබෙන පොලිතින් ප්‍රතිචක්‍රියකරනය කරන්න විශාල වියදමක් යනවා ඒ නිසා එය බැහැ කියලා. 

අපි කියනවා මේ මිනිසුන්ගේ ජීවිත වනසන්න එපා කියලා .මෙය විද්‍යාත්මක ක්‍රමයක් කියලා කොළඹ සිටින මහත්වරු කියද්දි අපි අද දවසේ දැක්කා මෙහි තත්ත්වය.

කෝ එයාලා කියපු විද්‍යාත්මක ක්‍රමවේදය අපි අද දවසේ ජනතාව දැනුවත් කරමින් සිටිනවා මේ හානිය පිළිබදව"