
ඉබෝලා වසංගතය මර්දනය සඳහා හදුන්වාදුන් ඖෂධ වර්ග දෙකක් සාර්ථක වී ඇති බව වාර්තා වේ.
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වෛරසය ආසාධනය වූ පුද්ගලයින්ට ලබාදුන් එම ඖෂධ මගින් සියයට 90ක පමණ ප්‍රතිඵල අත්වී තිබේ.
ඖෂධ වර්ග 04ක් හදුන්වාදුන්න ද ඉන් දෙකක් සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන ඇති බැවින් ඉදිරියේදී ප්‍රතිකාර සදහා එම ඖෂධ භාවිත කළ හැකි බව කොංගෝ සෞඛ්‍ය බලධාරින් පවසයි.
පසුගිය වසරේ සිට කොංගෝ රාජ්‍යයේ පැතිර යන ඉබෝලා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 1800 දෙනෙකු පමණ මියගොස් තිබේ.
කුච්චවේලි සහ බේරුවල යන ප්‍රදේශවලදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.



















































