ගුවනින් බිමට වැටී කොලොම්බියානු ගුවන්භටයන් 2ක් මරුට
සයුරෙන් එතෙර

ගුවනින් බිමට වැටී කොලොම්බියානු ගුවන්භටයන් 2ක් මරුට

August 13, 2019   11:03 am

ගුවන් සරඹයක් සඳහා එක්ව සිටි කොලොම්බියානු ගුවන් භටයන් දෙදෙනෙක් ගුවනේ සිට ඇදවැටී මියගොස් තිබේ.

ඔවුන් මෙලෙස බිම ඇද වැටී ඇත්තේ සුවහසක් ජනතාව එම ගුවන් සංදර්ශනය නරඹමින් සිටියදී විම විශේෂත්වයකි.

ජාතික ධජය ගුවනේ ප්‍රදර්ශනය කරමින් සිටි ගුවන් භටයන් දෙදෙනෙක් හදිසියේ බිම ඇදවැටීමෙන් මියයාමේ සිදුවීමක් කොලොම්බියාවෙන් වාර්තා වෙයි.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇත්තේ වාර්ෂික මෙඩලීන් මල් සැණකෙලියේ  පැවැති ගුවන් සරඹයක් අතරතුරයි.

ධජය හා සෙබළුන්, හෙලිකොප්ටර් යානාව සමගින් සම්බන්ධ කළ අදාළ කඹය හදිසියේ කඩාවැටීමෙන් මෙම අනතුර සිදුවුණි.

එම අනතුර කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසයි.

කෙසේ නමුත් කඹය කඩාවැටුණු ආකාරය සොයා විමර්ශන ක්‍රියාත්මකයි.