
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය හෙට (14) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී ආරම්භ වේ.
මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලිය යටතේයි.
දෙරට අතර අවසන් වරට පැවැති ටෙස්ට් තරඟ 05න් 04ක්ම නවසීලන්ත කණ්ඩායම ජයගෙන ඇති අතර එක් තරඟයක් ජය පරායෙන් තොරව අවසන් වී තිබේ.
පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයට ක්‍රිඩා නොකළ ඇන්ජලෝ මැතිව් සහ චන්දිමාල් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇත.





















































