
2021 වසරේ සිට ඇත්දළ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන රට තුළ අලෙවි කිරිම තහනම් කිරීමට සිංගප්පුරු රජය තීරණය කර තිබේ.
නීතිවිරෝධි වන ජීවි වෙළඳාම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් එරට රජය සඳහන් කර ඇත.
වසර 02ක පමණ කාලයක සිට ඇත්දළ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවිකරන වෙලෙන්දන්, රාජ්‍ය නොවන කණ්ඩායම් හා මහජනතාව අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
ඇත් දළ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ජාත්‍යන්තර වශයෙන් අලෙවි කිරීම 1990 වසරේ සිට සිංගප්පුරු රජය විසින් තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.



















































