උදර්පණ නීති කෙටුම්පතට එරෙහි විරෝධතා තවදුරටත්
සයුරෙන් එතෙර

උදර්පණ නීති කෙටුම්පතට එරෙහි විරෝධතා තවදුරටත්

August 12, 2019   11:51 am

හොංකොංහි ආන්දෝලනාත්මක උදර්පණ නීති කෙටුම්පතට එරෙහි විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකයි.

එය මේ වන විට රජයට එරෙහි විරෝධතාවක් බවට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

නව උදර්පණ නීති කෙටුම්පතට එරෙහිව හොංකොං වැසියන් ආරම්භ කළ විරෝධතාවලට මේ වන විට සති 10ක කාලයක් ගත වී තිබේ.

විරෝධතා හේතුවෙන් කෙටුම්පත තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගත්තද එය මුළුමණින්ම ඉවත් කර ගන්නා තෙක් සිය උත්සහය අත්නොහරින බව විරෝධතාකරුවන් පවසයි.

හොංකොංහි දුම්රිය මාර්ග අවහිර කරමින් රාත්‍රී කාලයේ පැවති විරෝධතාවක් විසුරුවාහැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

කෝපයට පත් වැසියන් පොලිසියට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමඟ එය දෙපාර්ශවය අතර ගැටුමක් දක්වා වර්ධනය වූ බව සඳහන්.

එහිදී පෙට්‍රල් බෝම්බ හා ගල්මුල් ප්‍රහාර එල්ලවී ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙයි.

ගැටුම් අතරතුරදී විරෝධතාකරුවන් හා පොලිස් නිලධාරීන් රැසක් තුවාල ලබා තිබේ.

මේ අතර හොකොං දේශය ළමුන්ට ආරක්ෂිත නොවන බව පවසමින් මව්පියන් හා ළමුන් පිරිසක් සාමකාමි රැළියක් පවත්වා තිබුණි.

හොංකොං හි දරුවන්ගේ අනාගතය ආරක්ෂා කර දෙන ලෙසයි ඊට සහභාගි වූ ජනතාව රජයෙන් ඉල්ලා සිටියේය.