ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයින් 5ක් මරුට
සයුරෙන් එතෙර

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයින් 5ක් මරුට

August 12, 2019   11:46 am

ඉන්දියාවේ දකුණුදිග කේරළයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයන් පනස් දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ සමඟ අයහපත් කාලගුණය හේතුවෙන් එරටින් වාර්තාවූ ජීවිත හානි ප්‍රමාණය එකසිය හැට ඉක්මවා ගොස් ඇතැයි සඳහන්.

ඉන්දියාවේ බටහිර හා දකුණුදිග ප්‍රාන්ත රැසකට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය තවමත් පහව ගොස් නැහැ.

මෙම තත්ත්වය වැඩිවශයෙන් බලපා ඇත්තේ කේරළ, කර්ණාටක, මහරාෂ්ට්‍ර හා ගුජරාට් යන ප්‍රාන්තවලටයි.

ඒ අතරින්ද වැඩිම ජීවිත හානි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කේරළ ප්‍රාන්තයෙන්.

අයහපත් කාලගුණය හේතුවෙන් ලක්ෂ ගණනක් අවතැන්ව සිටින අතර ඔවුන් තාවකාලික සහන කඳවුරු වෙත යොමු කිරීමටත් බලධාරීන් පියවර ගෙන තිබුණි.

මහාමාර්ග හා දුම්රිය මාර්ග ජලයෙන් යටවී තිබීම නිසා ප්‍රදේශ රැසකම ගමනාගමන කටයුතු ඇණහිට ඇති බව සඳහන්.

අධික වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් වාර රැසක්ද අවලංගු කර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේය.

මේ අතර ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා විපතට පත් ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

එමෙන්ම විපතට පත් ජනතාව වෙනුවෙන් අගමැතිවරයා ප්‍රමුඛ රජය විශේෂ සහන පැකේජයක් හඳුන්වාදී තිබේ.