
සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින තරඟය ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 59කින් පරාජයට පත් වීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සිදු විය.
තරඟයේ කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් බිඳ වැටී ලකුණු 279ක් ලබා ගත්තේය.
ඉන්දීය ඉනිම වෙනුවෙන් නායක විරාත් කෝලි ලකුණු 120ක් සහ ශෙයාර්ස් අයියර් ලකුණු 71 ලබා ගැනීමට සමත් විය.
තරගය අතරවාරයේ ඇඳ හැලුණු වර්ෂාව හේතුවෙන් ජයග්‍රහණය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 46ක් තුළ ලකුණු 270ක ඉලක්කයක් හිමි විය.
කෙසේවෙතත් පන්දුවාර 42ක් අවසානයේ සියලු ක්‍රිඩකයින් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 210ක් පමණයි.
බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු ඊවන් ලිවිස් ලකුණු 65ක් ලබා ගත් අතර පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් කඩුලු 04ක් බිඳ හෙළුවේව.





















































