
කැනඩාවේ පැවැත්වෙන මොන්ට්‍රියල් විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී අමෙරිකාවේ සෙරීනා විලියම්ස් සහ ජපානයේ නවෝමි ඔසාකා තරග වැදීමට නියමිතයි.
අද පැවැත්වෙන මෙම තරගය වෙනුවෙන් ක්‍රීඩාලෝලීන්ගේ වැඩි අවධානයක් යොමුව ඇත.
නිමා වු අමෙරිකා විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගය අමෙරිකාවේ සෙරීනා විලියම්ස් සහ ජපානයේ නවෝමි ඔසාකා අතර පැවැත්වුණි.
එම තරගයේ දී ශූරතාව දිනා ගැනීමට නවෝමි ඔසාකා සමත් වූ අතර සෙරීනා සහ තරග විනිසුරු අතර බහින්බස්වීමක් ඇතිවුණි.
එම අවස්ථාවේදී සෙරීනා විනිසුරුට රැවටිලිකාරයා ලෙස චෝදනා කළ අතර ටෙනිස් ක්‍රීඩාලෝලින් සහ සියලු දෙනා ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පල කළේය.
ඒ සම්බන්ධයෙන් ලෝක ටෙනිස් සම්මෙලනය විසින් සෙරීනාට දඩයක් ද නියම කිරීමට පියවර ගත්තේය.
එම තරගයෙන් පසු මෙතෙක් නවෝමි ඔසාකා සහ සෙරීනා ටෙනිස් පිටියේ දී එකිනෙකා හමු වී නැත.
ඒ අනුව මොන්ට්‍රියල් විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සියලු දෙනාගේ අවධානය යොමුව ඇත.





















































