අළුබඳුන දෙවන ටෙස්ට් තරගයේ එංගලන්ත සංචිතය නම් වෙයි

අළුබඳුන දෙවන ටෙස්ට් තරගයේ එංගලන්ත සංචිතය නම් වෙයි

August 10, 2019   10:57 am

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන එංගලන්ත සංචිතය ඊයේ (09) නම් කළේය.

එම සංචිතයෙන් මොයින් අලී ඉවත් කර ඇත.

දෙවන ටෙස්ට් තරගයට නම් කළ එංගලන්ත සංචිතයෙන් මොයින් අලි ඉවත් කර ඇති අතර ඔහු වෙනුවට ජැක් ලීච් සංචිතයට කැඳවා ඇත.

එංගලන්තය සහ  ඔස්ට්‍රේලියාව අතර පැවති පළමු ටෙස්ට් තරගයේ දී මොයින් අලී ලකුණු 172කට දවා ගත්තේ කඩුළු 3ක් පමණක් වන අතර රැස් කළේ ලකුණු 4ක් පමණයි.

එම නිසා ඔහු වෙනුවට ජැක් ලීච් සංචිතයට කැඳවා ඇත.

මේ අතර එංගලන්ත වේග පන්දු යවන්නෙක් වන ජේම්ස් ඇන්ඩසන් ආබාධයකට ලක්වීම නිසා වේග පන්දු යවන්නෙක් ලෙස ජොෆ්ර ආචර් සංචිතයට නම් කර ඇති අතර දෙවන ටෙස්ට් තරගයේදී  ඔහුට ටෙස්ට් වරම් හිමි වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය එළඹෙන 14 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

පළමු තරගයේ දී ලකුණු 251ක දරුණු පාරාජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට සිදු වුණි.