ගබ්සාව තහනම් කරන්න අමෙරිකාවේ අවධානය
සයුරෙන් එතෙර

ගබ්සාව තහනම් කරන්න අමෙරිකාවේ අවධානය

May 18, 2019   02:48 pm

ගබ්සාව තහනම් කිරීමට අමෙරිකාවේ ප්‍රාන්ත රැසක අවධානය යොමු වී ඇත.

කෙසේ වෙතත් එය ඇතැමුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාවේ මිසූරි ප්‍රාන්තයේ ගබ්සාව තහනම් කිරීම සඳහා වන පනතකට එහි නීති සම්පාදකයින්ගේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව දරු ගැබට සති 8ක් සපිරීමෙන් අනතුරුව මවගේ ආරක්ෂාවට හැරුණු විට කිසිම ආකාරයේ ගබ්සාවක් මෙම නව නීතිය යටතේ තහනම් කෙරෙයි.

එක්සත් ජනපදය තුළ ගබ්සාව තහනම් කරමින් දැඩි නීති පැනවීමට ඇලබාමා ප්‍රාන්තය මීට ඉහතදී පියවර ගත්තේය.

ඊට දින කිහිපයකට පසුව මිසූරි ප්‍රාන්තය මෙම පියවර ගෙන ඇති අතර එය නීතියක් බවට පත්වීම සඳහා ප්‍රාන්තයේ රිපබ්ලිකන් ආණ්ඩුකාර මයික් පාර්සන් අත්සන් කළ යුතුය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රිපබ්ලිකන් පක්ෂයේ පාලනය යටතේ පවතින ව්‍යවස්ථාදායකයන් රැසක මේ වනවිටත් ගබ්සාවට එරෙහිව නව නීති යෝජනා ඇති බවයි.

රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන් සිටින ට්‍රම්ප්, යම් සුවිශේෂී හේතුවක් මත කරන ගබ්සා කිරීම් හැර ගබ්සාව තහනම් කිරීමට සහයෝගය දක්වන්නෙක් ලෙස ප්‍රකටය.

1973 දී ලබාදුන් ඓතිහාසික ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මඟින් ඇමරිකාව තුළ ගබ්සාව නීති ගත කරනු ලැබ ඇත.

වර්ෂ 1973 දී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇමෙරිකාවේ ගබ්සාව නීතිගත කරමින් පැනවූ නීතිය වෙනස් කිරීමට එරට තුළ මේ වන විට බලවේගයක් නිර්මාණය වෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළේය.