
පසුගියදා සාහසිකයෙකුගේ වෙඩි පහරින් මියගිය ඇෆ්ගනිස්තාන රූපවාහිනී නිවේදිකාවගේ පවුලේ සාමාජිකයන්ට ද මරණ තර්ජන එල්ල වී තිබේ.
ඝාතනයට ලක්වූ ඇෆ්ගනිස්තාන මාධ්‍යෙව්දිනී මීනා මංගල්ගේ පවුලේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ල වී ඇතැයි ඇෆ්ගන් පුවත් වාර්තා කරයි.
මේ හේතුවෙන් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේය.
වෙඩි ප්‍රහාරයට ලක්වී ඝාතනය වූ මෙම රූපවාහිනී නිවේදිකාව, මියයන විට ඇෆ්ගන් පාර්ලිමේන්තුවේ සංස්කෘතික කටයුතු කොමිසමේ උපදේශිකාවක් ලෙසින් කටයුතු කරමින් සිටියි.
යතුරු පැදියක පැමිණි වෙඩිකරුවන් දෙදෙනෙක් එල්ල කළ වෙඩි පහරින් ඇය මියගියේ නිවෙස අසල සිටියදීයි.
ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැතත්, පවුල් ආරවුලක් ඊට හේතුව වන්නට ඇතැයි පොලිසිය විශ්වාසය පළකරයි.
සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.





















































