
පසුගියදා වයඹ පළාතේ තුළ ඇතිවූ නොසන්සුකාරි සහ ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් සම්බන්ධයෙන් සැකකරුවන් 78 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
අද(15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.
අදාළ පුද්ගලයින් වයඹ පළාතේ පොලිස් කොට්ඨාශ කිහිපයකින්, එනම් කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය සහ හලාවත යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ අතර මෙම ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන්ට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ඉදිරියටත් ක්‍රියාත්මක බව ඒ මහතා පෙන්වා දෙයි.
දැනටමත් පොලීසිය බාරයට ගෙන ඇති විඩියෝ දර්ශන ගණනාවක් ඔස්සේ මෙම සිද්ධියට සම්බන්ධ වූ සැකකරුවන් හඳුනා ගැනීමේ කටයුතු සිදු වන බව පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.





















































