
අමෙරිකා - රුසියා සබදතා සම්පූර්ණයෙන්ම යලිත් ගොඩනැගීමට තමාට අවශ්‍ය බව රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටීන් පවසයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එය අපේක්ෂා කරන බවට තමා විශ්වාස කරන බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
රුසියාවේ නිල සංචාරයක නිරත අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හමුවූ අවස්ථාවේ රුසියානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
රුසියාවේ නිල සංචාරයක නිරත අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එරට විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු රුසියානු රජයේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පවත්වා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.



















































