අමෙරිකාවේ දකුණු දිග ප්‍රදේශයට අධික වැසි
සයුරෙන් එතෙර

අමෙරිකාවේ දකුණු දිග ප්‍රදේශයට අධික වැසි

May 14, 2019   06:13 pm

අමෙරිකාවේ දකුණුදිග ප්‍රදේශයට අධික වැසි ඇදහැලෙමින් පවතියි.

මේ හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇතැයිද එරට වාර්තා සඳහන් කළේය.

අයහපත් කාලගුණයෙන් ඇලබාමා, මිසිසිපි යන ප්‍රාන්ත වලට දැඩි බලපෑම් එල්ලවී තිබේ.

දැඩි වර්ෂාවත් සමඟ ඇතිවූ සැඩ සුළඟින් නිවාස රැසකට හානි සිදුව ඇති අතර ගස් කඩා වැටීම්ද වාර්තා විය.

එමෙන්ම විදුලි කම්බි පද්ධතිවලට හානි සිදුවීමෙන් ප්‍රදේශ රැසකම විදුලි බලය ඇණහිට ඇතැයිද සඳහන් වෙයි.

මේ අතර ගංගාවල ජල මට්ටම ඉහළ නගිමින් පැවතීම නිසා තවත් බොහෝ ප්‍රදේශ වලට ගංවතුර අවදානමක් මතුව තිබේ.

මේ හේතුවෙන් මිසිසිපි ප්‍රාන්තයේ ස්ටෝන් ජනපදයට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන්.

අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට සහන සේවා සැපයීමේ මෙහෙයුමක්ද බලධාරීන් මේ වන විට ආරම්භ කර තිබේ.