
දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් පිල සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් පිල අතර පැවති තුන්වන එක්දින තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණි.
ඒ අනුව මේ දක්වා පැවති තරග තුනේදී කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන තිබේ.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් පිල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවි ලකුණු 265ක් රැස් කරගත්තේය.
සුනේ ලූස් ලකුණු 80ක් රැස් කළා අතර ලිසේ ලී ලකුණු 57යි.
ලකුණු 266ක ජයග්‍රාහි ඉලක්කය හඹා යැමට පිටිය පිවිසි පාකිස්තාන කාන්තා පිලත් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 9 ක් දැවි ලකුණු 265ක් රැස් කළේය.
ජවේරියා ඛාන් ලකුණු 74යි.
ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණි.





















































