
වර්ල්ඩ් වයිඩ් වෙබ් සංකල්පයේ 30වැනි සංවත්සරය පසුගියදාට යෙදී තිබුණි.
එහි නිර්මාතෘ ටිම් බානර්ස් ලී එක්වුණු ප්‍රධාන සංවත්සර උළෙල ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්වුණි.
වර්ල්ඩ් වයිඩ් වෙබ් අඩවිය සම්බන්ධයෙන් වූ විප්ලවීය අදහස පළමුවරට ප්‍රකාශයට පත්වූයේ 1989 වසරේ මාර්තු මස 12වැනිදාය.
ඊතළ, වෘත්ත සහ බුබුලු ආදියෙන් සමන්විත මේ තාක්ෂණ ක්‍රමවේදය හදුන්වාදීමේ ගෞරවය බ්‍රිතාන්‍ය විද්‍යාඥ ටිම් බානර්ස් ලී වෙත හිමිවෙයි.
බොහෝ දෙනා මෙම තාක්ෂණ ක්‍රමය සහ අන්තර්ජාලය පටලවාගත්තත්, ඒවා එකිනෙකින් වෙනස් වූ විෂයයන් වෙයි.
අන්තර්ජාලය ඔස්සේ සිදුවන්නේ ගෝලීය වශයෙන් පරිගණක පද්ධති එකිනෙක සම්බන්ධ කිරීමය.
එහෙත් වර්ල්ඩ් වයිඩ් වෙබ් සංකල්පය තුළින් අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුවමාරු කරගැනීම දිරිමත් කරනු ලබයි.
මේ තාක්ෂණය මඟින් තොරතුරු සොයාගැනීම ඉතාමත් පහසු වූ බව ද සඳහන් වෙයි.
මේ අතර විවෘත ලිපියක් ඉදිරිපත් කරමින් විද්‍යාඥ ටිම් බානර්ස් ලී පවසා ඇත්තේ, වර්ල්ඩ් වයිඩ් වෙබ් සංකල්පය වෙනස්කම් හඳුන්වා දෙමින් ඉදිරියට ගමන්කළ යුතු බවය.
කෙසේ වෙතත් දැනට පවතින වර්ල්ඩ් වයිඩ් වෙබ් සංකල්පයේ දෝෂ සහගත තැන් බොහෝමයක් ඇති බවටත් විචාරකයන් පෙන්වා දෙනු ලබයි.


















































