
ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදන නිකුත් කර ඇති විවිධ රටවල්වලට අයත් තායිලන්තයේ රැඳී සිටි අපරාධකරුවන් 28 දෙනෙකු එරට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගතවු මාස කිහිපය තුළදී තායිලන්තය පුරා සිදුකළ වැටලීම්වලදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.
අමෙරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, රුසියාව, චීනය, දකුණු කොරියාව, මැලේසියාව සහ හංගේරියාව ඇතුළු රටවල් 14කට අයත් පිරිසක් මෙලෙස අත්ඩංගුවට ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, ලිංගික අපරාධ, මූල්‍ය වංචා ඇතුළු විවිධ වංචා සම්බන්ධයෙන් තායිලන්ත පොලීසිය මඟින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම පුද්ගලයින් ඔවුන්ගේ රටවල් වලට පිටුවහල් කිරීමට කටයුතු කරන බව තායිලන්ත බළධාරීන් ප්‍රකාශ කර තිබේ.



















































