
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු සංඛ්‍යාව 179 ක් ලබාගත්තේය.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංගගේ ආරාධනයෙන් නවසීලන්ත කණ්ඩායම පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසියේය.
මෙම තරගය ඔක්ලන්ඩ් හිදී මේ වන විට පැවැත්වෙයි.





















































