අධික වේගය 2ක් රෝහලට යවයි

අධික වේගය 2ක් රෝහලට යවයි

January 11, 2019   12:32 pm

ගිනිගත්හේන සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් මතට පෙරලීමෙන් එම ත්‍රීරෝද රථයේ රියදුරා සහ ත්‍රීරෝද රථයේ ගමන් ගත් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව ගිනිගත්හේන පොලීසිය පැවසිය. 

අද (11) අලුයම 12.20 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ ගින්ගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන බගතුලුව ප්‍රදේශයේදිය.  

අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන ගිනිගත්හේන පොලීසිය පැවසුවේ අධික වේගයෙන් ධාවනය වී ඇති ත්‍රීරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවයි.