
භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑම ඇතුළු ආර්ථික ගැටළු කිහිපයක් මුල්කරගනිමින් සුඩාන වැසියන් ඉකුත් දෙසැම්බර් 19වන දා සිට විරෝධතා වල නිරත සිටියි.
දහස් ගණනක පිරිසකගේ සහභාගිත්වයෙන් ඔම්දුර්මාන් නගරයේ පැවති විරෝධතාව එරට පැවති විශාලතම ජනරැලි වලින් එකක් බවත් විදෙස් වාර්තාවල සඳහන් කරයි.
මාර්ග අවහිර කරමින් කලහකාරී ලෙස විරෝධතාවේ නිරතවූ පිරිස් පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගැස් ප්රහාරයක් එල්ල කිරීමටත් සිදුව තිබේ.
මේ අතර සති තුනකට අධික කාලයක් පුරා පැවති විරෝධතා අතරතුර හටගත් ගැටුම් වලින් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් ඇති අතර 800කට අධික පිරිසක් මේ වන විට රඳවාගෙන සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය.



















































