
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි 24 වැනිදා බ්‍රිස්බෙන් හිදී ආරම්භ වීමට නියමිතයි.
මෙම ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් මාස 07කට පමණ පසුව කුසල් ජනිත් කැඳවා තිබීම විශේෂත්වයකි.
මේ අතර ධනුෂ්ක ගුණතිලක සංචිතයෙන් ඉවත් කර තිබේ.
ඒ අනුව 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මෙසේය.
නායක දිනේෂ් චන්දිමාල්
උප නායක දිමුත් කරුණාරත්න
ළහිරු තිරිමාන්න
කුසල් මෙන්ඩිස්
සදීර සමරවික්‍රම
ධනංජය ද සිල්වා
රොෂේන් සිල්වා
නිරෝෂන් දික්වැල්ල
කුසල් පෙරේරා
දිල්රුවන් පෙරේරා
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
ලහිරු කුමාර
දුෂ්මන්ත චමීර
කසුන් රාජිත
ලක්ෂාන් සඳකැන්



















































