
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 364ක් ලබාගත්තේය.
එම ඉනිම වෙනුවෙන් හෙන්රි නිකොලස් නොදැවී ලකුණු 124ක් ලබා ගැනීමට සමත් විය.
රෝස් ටේලර් ලකුණු 137යි.
පන්දු යැවීමේ දී ලසිත් මාලිංග කඩුලු 03ක් සහ ලක්ෂාන් සඳකැන් එක් කඩුල්ලක් බිඳ හෙලුවේය.



















































