
සංචාරක හා වනජීවි කැබිනට් අමාත්‍ය ධුරයේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා අද උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වී ඇති බව වාර්තා වෙයි.
අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත් විය.
අද(21) උදෑසන 09.30ට පමණ ජනාධිපති කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම ආරම්භ වූ බව වාර්තා වෙයි.
මෙම රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරුන් පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
වසන්ත සේනානායක මහතා පසුගියදා සංචාරක හා වනජීවි කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර, පාර්ලිමේන්තුවේ නව සැසිවාරය පැවති ඉකුත් 14 වනදා ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වී ලිපිය පාර්ලිමේන්තු සංකීරණයේදී බාර දුණි.

















































