header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ජනතාව වෙනුවෙන් ඕනෑම ප්‍රතිවිපාකයකට මුහුණ දෙන්න කරූ සුදානම්
Nov 11, 201807:19 PM
ජනතාව වෙනුවෙන් ඕනෑම ප්‍රතිවිපාකයකට මුහුණ දෙන්න කරූ සුදානම්
Mobitel 1278

පාර්ලිමේන්තුව නියෝජනය කළ විවිධ පක්ෂ නායකයන් සිදු වී ඇති පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එය අභියෝගයට ලක් කරන බව තමා දැන සිටි බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

කථානායක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් ‍කරමින් මේ බව දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් හි නීත්‍යානුකූලභාවය තීරණය කිරීමෙහි පාර්ලිමේන්තුව සතු වගකීම සහ අයිතිය ජනාධිපතිවරයා විසින් වලක්වනු ලැබීමේ හේතුවෙන් මෙම කරුණ පිළිබඳව අර්ථ නිරූපණයක් ලබා ගත යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මහජනතාව තමන් නියෝජනය කරනු සඳහා තෝරා පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය බලෙන් පැහැරගැනීම, පාර්ලිමේන්තුවේ භාරකරු ලෙස ගතවූ දෙසතිය තුළ තමා විමසිල්ලෙන් නිරීක්ෂණය කළ බව ද එම නිවේදනයේ දැක්වෙයි.

විධායකය, ශ්‍රී ලංකා ස්වෛරීත්වයේ යාන්ත්‍රණය වන පාර්ලිමේන්තුව ඕනෑකමින්ම නොසලකා හැරීම ජනතා නිදහසට හා අයිතියට බරපතළ අවදානමක් වනු ඇති බව ද කථානායකවරයා සඳහන් කරයි.

මෙවන් බරපතළ පසුබිමක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමෙහි දිවුරුම් දී ඇති සියලු රජයේ සේවක පිරිස් වෙත අවධාරණය කර සිටිනුයේ තමන් දුන් එම දිවුරුම පිළිබඳ යළිත් සිහිපත් කරන ලෙස බව ද කථානායකවරයා අවධාරණය කරයි.

කිසියම් තැනැත්තෙකු හෝ බලයක් පිළිබඳ නොව මෙම ලියවිල්ල කෙරෙහි විශ්වාසය පලකළේ කවර කරුණක් නිසාදැයි තමා තමාගෙන්ම විමසා බැලීම‍ යෝගය වනු ඇතැයි ද කථානායකවරයා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

සියලු දෙනාගේ පරම බැඳීම පවතිනුයේ හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙත බවත්, මවුබිමේ උත්තරීතර නීතිය වන ව්‍යවස්ථාව පිළිබඳ අප සතු වගකීම රාජ්‍ය සේවය මෙන්ම පොලීසිය හා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ අපගේ වගකීම මතකයේ තබාගන්නා ලෙස ද කථානායකවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

කවුරුන් විසින් හෝ වේවා දෙනු ලබන නීත්‍යානුකූල නොවූ විධායකයේ නියෝග තරයේ ප්‍රතික්ෂේප කරන ලෙසද සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද කථානායකවරයා සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිය වගකීම් දරන්නා වූ සියලු රටවැසියාගේ යුතුකම වනුයේ පක්ෂ දේශපාලනය හෝ පුද්ගල සබැඳියාව නොසළකා අද දවසේ රට පිළිබඳව ස්වදේශානුරාගයෙන් සිතා මවුබිමෙහි නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂිත භාවයත් වෙනුවෙන් පෙනී සිටීම බව ද පෙන්වා දෙන කරූ ජයසූරිය මහතා පෙන්වා දෙයි.

කථානායකවරයෙකුගේ ක්‍රියාවන් සෑම කල්හිම විධායකයේ සතුටට හේතු නොවන බවත් පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය පිළිබඳ මෙම සම්ප්‍රදායේ ඉතිහාසය 1641 දක්වා ගමන් කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී ඇත.

බ්‍රිතාන්‍යයේ පළමු වැනි චාල්ස් රජු මහජන මන්ත්‍රී මණ්ඩලයේ සභිකයින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ කථානායක විලියම් ලෙන්තල් එය වලකා ඔවුන් ආරක්ෂාකරනු වස් රජු ඉදිරියේ දණින් වැටී මෙසේ පැවසූ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

“ මහරජතුමනි, මා මේ පවසන කරුණු ඔබවහන්සේගේ චිත්තප්‍රීතියට හේතුවේවා! මෙම ස්ථානයේ සිදුවන දේ මාගේ දෙනෙතින් දැකීමටහෝ ඒ පිළිබඳ කිසිවක් පැවසීමට නොහැකි මුත්, මා කීකරු සේවකයෙකු පමණක් වන මෙම සභාව විසින් මා වෙත ලබා දී ඇති තීරණය හැර ඔබ වහන්සේ විසින් ඉල්ලා සිටින ආකාරයේ පිළිතුරක් ඔබ වහන්සේ වෙත ලබා දීමට නොහැකි බැවින් මා වෙත සමාව භජනය කරන සේක්වා.”

මේ අතර, රජයේ නීත්‍යානුකූල භාවය පිළිබඳව තීරණයක් ගනු සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්විය යුතු බවට මන්ත්‍රීවරු 124 දෙනෙකුගෙන් 116 දෙනෙකු තමාට පෞද්ගලිකව හමුවී ඉල්ලා සිටි අතර තවත් 08 දෙනෙක් දුරකථනයෙන් තමා අමතා මෙම යෝජනාවට පක්ෂපාතීත්වය පළකොට සිටි බව ද කථානායකවරයා සඳහන් කරයි.

සියවස් ගණනක් තිස්සේ අපගේ පූර්වගාමී කථානායකවරුන් අනුගමනය කරමින් මන්ත්‍රී බහුතරය හා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සතු අයිතිය සුරක්ෂිත කරනු සඳහා ඔවුන්ගේ ඉල්ලීමට ඉඩ දීමෙහි එකඟ වෙමින් තමා සභාවේ ඡන්දයක් ගතයුතු බව ප්‍රකාශ කළ බව ද කථානායකවරයා එම නිවේදනයේ තව දුරටත් සඳහන් කර තිබේ.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත්කිරීම වැළැක්විය යුතු බවට කිසිදු මන්ත්‍රීවරයෙකු ඉල්ලා නොසිටි අතර එවැන්නක් තමාගෙන් ද අනුමත නොවනු ඇති බව ද එහි වැඩිදුරටත් දැක්වෙයි.

විධායකය හමුවේ පෙනීසිට පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය, හා ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම තමා ලද වරප්‍රසාදයක් වන බවත්, ඉහත සඳහන් කළ තමාගේ ක්‍රියාකාරකම් පිළිබඳ කිසිඳු පැකිලීමකින් තොර කවර ආකාරයේ වුව ප්‍රතිවිපාකයකට මුහුණ දීමට තමා සූදානම් බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

 ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

 අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

 'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

 මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

 කොට කලිසමක් ඇඳලා, වෙස්මූණක් දාගෙන විහාරමහා දේවී පාක් එකට ආ විරෝධකරු...

 කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

 විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

 වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

කාවන්තිස්ස මැරුණා ද? මැරුවා ද? - ''මේ මස් වැද්දෝ නීතිය ඉදිරියට ගේන්න'' | Ada Derana

කාවන්තිස්ස මැරුණා ද? මැරුවා ද? - ''මේ මස් වැද්දෝ නීතිය ඉදිරියට ගේන්න'' | Ada Derana

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය - දෙවන දිනටත් විහාර මහා දේවී උද්‍යානයේදී | Ada Derana

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය - දෙවන දිනටත් විහාර මහා දේවී උද්‍යානයේදී | Ada Derana

''හැමතැනම හොයනවා ගෑස් නෑ'' - ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක්  සමාගමෙනුත් විශේෂ නිවේදනයක්|Ada Derana

''හැමතැනම හොයනවා ගෑස් නෑ'' - ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක් සමාගමෙනුත් විශේෂ නිවේදනයක්|Ada Derana

Lassana Flora
Spotlight
සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්