
මහනුවර ගුඩ් ශෙඩ් බස් නැවතුමේ ගාල් කොට තිබු හැටන් ඩිපෝවට අයත් බස් රථ තුනක ටයර්වල හුළං ඇරීම හේතුවෙන් එම බස් රථවල ගමන් වාර සියල්ල අහෝසි කිරීමට හැටන් ඩිපෝ බලධාරීන්ට සිදුව තිබේ.
මෙම බස් රථ සියල්ල අද(12) උදැසන හැටන් බලා ගමන් ආරම්භ කීරීමට නියමිතව තිබු බව ඩිපෝ බලධාරීන් සඳහන් කරයි.
මෙම බස් රථ ධාවනය කිරීමේදී පුද්ගලික බස් රථ ධාවකයන්ගෙන් දැඩි බාධා නිතරම එල්ල වන බවත් මෙම ටයර්වල හුළං ඇරීමේ සිදුවීමට එම පුද්ගලික බස් ධාවකයන් සම්බන්ධ බවත් හැටන් ඩිපෝ සේවකයන් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් මහනුවර පොලීසියට පැමිණිලි කරන බවත් ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවත් හැටන් ඩිපෝ බලධාරීන් සඳහන් කරති.
ඊයේ (11) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇත.



















































