
පාකිස්ථානය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.
පාකිස්ථානය පළමු ඉනිම සඳහා ලකුණු 482ක් සහ දෙවන ඉනිමේදී කඩුලු 06කට ලකුණු 181ක් ලබා ගත්තේය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පළමු ඉනිමේදී ලබා ගත හැකි වූයේ ලකුණු 202ක් පමණයි.
ජයග්‍රහණය සඳහා ඔවුන්ට ලකුණු 462ක ඉලක්කයක් හිමි වූ අතර තරඟය නිමාවන විට ඔස්ට්‍රේලියාව කඩුලු 08ක් දැවි ලකුණු 362ක් ලබා ගත්තේය.





















































