
එෆ් 35 වර්ගයේ සියලුම ප්රහාරක ජෙට් යානා ගුවන් ගත කිරිම තාවකාලිකව අත්හිටුවිමට අමෙරිකානු ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
පසුගිය දා එම වර්ගයේ ගුවන් යානයක් හදිසියේ විනාශ විම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර පැය 48ක් තුළ සියලු ගුවන් යානා පරික්ෂා කිරිමට නියමිතයි.
ලොව මිල අධිකම ප්රහාරක ජෙට් යානය ලෙස මෙය සැලකෙන අතර අධි තාක්ෂණයෙන් යුත් එම යානයේ දෝෂ කිහිපයක් පවතින බවට අනාවරණය වී තිබේ.
මේ අතර ලොව දිගම නොනැවතුන ගුවන් ගමන මේ වන විට සිංගප්පූරුවේ සිට අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දක්වා ක්රියාත්මක වෙයි.
සිංගප්පූරු ගුවන් සේවයට අයත් එම මගී ගුවන් යානය පැය 18යි විනාඩි 25ක කාලයක් පුරා කිලෝමීටර් 15,000ක දුරක් නොනැවති ගමන් කිරිමට නියමිතයි.


















































