
වවුනියාව,මඩුකන්ද ප්‍රදේශයේදී කාර් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු අද(11) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව මඩුකන්ද පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ වැසි සහිත අවස්ථාවකදී කාර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වි කාර් රථය ත්‍රීරෝද රථයේ ගැටී ඇති බවයි.
අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු හා ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයෙකු අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇත.
ත්‍රීරෝද රථයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මඩුකන්ද පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.





















































