
1998 දෙසැම්බර් මස 18 දා අගුණකොපැලැස්ස, දික්වැව, රදන්පල ගෙදර එකම පවුලේ 6 දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම සිද්ධියට සම්බන්ධ අදාළ සැකකරුවන් 10දෙනා හට තංගල්ල මහ අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.
අදාළ සැකකරුවන් අද(11) තංගල්ල මහධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තංගල්ල මහධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා විසින් මරණ දඬුවම නියම කර ඇත.





















































