
වෙන්නප්පුව දුම්මලදෙණිය ගිං ඔය පාලම මතින් අද(11) සවස ගිං ඔයට පැන 47 හැවිරිදි කාන්තාවක් දිවි නසා ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි.
මෙසේ දිවි නසා ගෙන ඇත්තේ අංක 55, උතුරු දුම්මලදෙණිය පදිංචි තෙරෙස් ප්‍රියංකා නැමැත්තියක් බවට හඳුනා ගෙන තිබේ.
මරණකාරිය සිය පුතා සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති බවත් ඇයට මානසික ආබාධ තත්ත්වයක්ද තිබු බවත් පරික්ෂණවලදි අනාවරණය වි ඇති බවත් පොලීසිය පවසයි.
ගිං ඔයට පැන ඇති කාන්තාව දැක ඇති පිරිසක් ඇය ගොඩට ගෙන ත්‍රීරෝද රථයකින් ලුණුවිල රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඇය ඒ වන විටත් මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියේය.
මියගිය කාන්තාවගේ මරණ පරික්ෂණය පැවැත්විමට පොලිසිය කටයතු යොදා ඇති අතර මෘත ශරිරය ලුණුවිල ප්‍රාථමික රෝහලේ තබා තිබේ.
වෙන්නප්පුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පාලිත අමරතුංග මහතාගේ උපදෙස් ඇතිව විවිධ පැමිණිලි අංශයේ උප පොලිස් පරික්ෂක රාජපක්ෂ මහතා ඇතුලු නිලධාරින් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරයි.



















































