
වසර 15 කට පසු අඟහරු ග්‍රහයා අද පෘථිවියට වඩාත් සමීපව ගමන් කරන අතර කිලෝමීටර මිලියන 57 ක පමණ දුරින් එය පෘථිවිය ආසන්නයට පැමිණ තිබේ.
මෙම දුර්ලභ අවස්ථාව පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබෙන අතර අද(31) රාත්‍රියේ චන්ද්‍රයාට පසු අහසේ දිස්වන වඩාත් දීප්තිමත්ම ග්‍රහවස්තුව එය වනු ඇති.
සෞරග්‍රහ මණ්ඩලයේ බුධ ග්‍රහයාට පසු කුඩාම ග්‍රහයා ලෙස සැලකෙන අඟහරු තාරකා විද්‍යාඥයන් අතර වඩාත් ප්‍රචලිතව ඇත්තේ රතු ග්‍රහයා ලෙසයි.
පෘථිවියේ විශාලත්වයෙන් 1/7 කට සමාන අඟහරු ග්‍රහයා පෘථිවිය හැරුණු විට ජීවය පැවතිය හැකි බවට බලාපොරොත්තු තැබිය හැකි සාධක සහිත එකම ග්‍රහලෝකය ද වනවා.
පෘථිවිය හා අඟහරු සූර්යයා වටා ගමන් කරන අතරවාරයේ ඇතැම් අවස්ථාවලදී ග්‍රහලෝක දෙකෙහිම ඉලිප්සාකාර පථයේ සමීපතම ලක්ෂයන්වලදී වඩාත් එකිනෙකට සමීප වන අතර එලෙස අවසන් වරට අඟහරු ග්‍රහයා වඩාත්ම සමීප වූයේ මීට වසර 15 කට පෙර එනම් 2003 වසරේදීයී.
එම වසරේ අඟහරු ග්‍රහයා ගමන් කළේ පෘථිවියට කිලෝමීටර මිලියන 56 ක් දුරින්.
මේ වසරේ ජූලි 27 වනදා සිට අඟහරු ග්‍රහයා ක්‍රමයෙන් පෘථිවියට සමීපව ගමන් කළ අතර අද දිනයේ වඩාත්ම සමීපයට පැමිණෙයි.
එනම් අද අඟහරු පිහිටන්නේ පෘථිවියට කිලෝමීටර මිලියන 57.6 ක් තරම් සමීපවයි.
කෙසේවෙතත් 2003 වසරේ සමීප වූ ප්‍රමාණයට වඩා මෙවර අඟහරු ග්‍රහයා පිහිටන්නේ මඳක් ඈත්වයි.
2003 වසරේ වුවද එතරම් සමීපයට අගහරු පැමිණ තිබුණේ ආසන්න වශයෙන් වසර 60,000කට පමණ පසුව බවයි නාසා ආයතනය පවසයි.
යළිත් වරක් අඟහරු එලෙස සමීපයට පැමිණෙන්නේ නම් එය 2287 වසරේදී සිදුවනු ඇති බව සඳහන් වෙයි.
අඟහරු ග්‍රහයාට පෘථිවිය සමීපයට පැමිණිය හැකි අවම දුර කිලෝමීටර මිලියන 54.6 ක්.





















































