
ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියගේ අමාත්‍ය ධුරය තාවතාලිකව ඉවත් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලිමක් කර තිබේ.
විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය යාපනය ප්‍රදේශයෙදි පසුගියදා එල්.ටී.ටී.ඊ සංවිධානයේ පාලනයක් අවශ්‍ය බවට කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන්වන තුරු ඇයගේ අමාත්‍ය ධුරය තාවකාලිකව ඉවත් කරන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් මෙලෙස ඉල්ලීමක් කර ඇත්තේ.
ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ඊයේ දිනයේ සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධව අද(03) පාර්ලිමේන්තුව තුළ උණුසුම්කාරී තත්ත්වය හටගත්තේය.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකළ ප්‍රකාශය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් විමසීමක් කළ අවස්ථාවේ අමාත්‍යවරයා දුන් පිළිතුරත් සමඟය.
අකිල විරාජ් අමාත්‍යවරයා පැවසුවේ තමන් එ සම්බන්ධයෙන් අමාත්‍යවරියගෙන් දුරකතනයෙන් විමසු විට , ඇයට එම අවස්ථාවේ හටගත් ආවේගශීලීබව හේතුවෙන් තමන් එවැනි ප්‍රකාශයක් සිදුකළ බවට තමන්ට පැවසු බවයි.
පසුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය හමුවේ පස්වරු 02.00 ට පමණ පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තැබීමට කථානායකවරයා තීරණය කළ අතර ඉන් පසුව පාර්ලිමේන්තුව රැස් වු අවස්ථාවේ නැවතත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කරමින් දැඩි විරෝධය පළ කළ කිරිමත් සමඟ කථානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුව හෙට(04) දිනය දක්වා කල් තැබුවේය.























































